TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> pure vista

📅 වාර්තා කරන ලද්දේ: October 15, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: sameera nayanajith

💰 විවාද සහගත මුදල: 18200.00

ඔන්ලයීන් මාර්ගයෙන් ණය මුදල් ලබා දෙන ආයතනයකින් මා හට සිදු වූ අසාධාරණයන් පිළිබදවය මා විසින් 2025/10/01 දින මාර්ගගත ලෙස ණය මුදල් ලබා දෙන ආයතනයක් වන PURE VISTA Loan වෙතින් මා හට ඇතිවූ හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ‍රුපියල් 13000/= ක ණය මුදලක් ලබා ගතිමී. එම ණය මුදල පොලිය සමග නැවත මා හට ගෙවීමටරුපියල් 18200/= 2025/10/07 දින තෙක් කල් ලබාදී තිබුනී. දැන්ඒ එම මුදල රුපියල් 19625/= වැඩිකර ඇත. මා හට ඇතිවූ අපහසුතා තතවයක් හේතුවෙන් නිසි දිනයට එම ණය මුදල නැවත් ගෙවා ගැනීමට නොහැකි විය. එම ආයතනයෙන් මා හට දුරකථන ඇමතුම් වලට මා විසින් ප්‍රතිචාර දක්වා ප්‍රකාශ කරේ මා හට හදිසි කරදරයක් ඇති වී බවත් ණය මුදල නැවත ගෙවීමට මා හට යම් කිසි කාලයක් ලබා දෙන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලීය. නමුත් ඔවුන් විසින් මාගේ එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර මා හට බැණ වදින්නට විය. ඉන් පසු දින ඔවුන් විසින් මා ඔවුන්ගේ ආයතනයෙන් ණය මුදල ඉල්ලුම් කිරීමට යොදාගත් ඔවුන්ගේ http://3.111.40.247/downloads/purevista-v1.3.apk ඇප්එක හරහා මාගේ ජංගම දුරකථනය Clone කර මා විසින් ණය මුදල ඉල්ලුම් කිරීමේදී ලබා දී තිබු හදිසි ඇමතුම් දුරකථන අංක වලට හැර මා විසින් ලබා නොදුන් දුරකථන අංක වලටද දුරකථන ඇමතුම් ගෙන මා අපහුසතාවයට පත් වන පරදී විවිධ ප්‍රකාශ, එම දුරකථන අංක අයීතිකරුවන්ට ප්‍රකාශ කර එයීන් නොනැවතී ඔවුන් විසින් ණය මුදල ඉල්ලුම් කිරීමේදී මා විසින් ඔවුන් හට ඉදිරිපත් කල මාගේ තොරතුරු අසභ්‍ය ලෙස ප්‍රකාශ කර ඇත. තවද එම ආයතනය විසින් විවිධ දුරකථන අංක උපයෝගි කොට මා හට දුරකථන ඇමතුම් අංක, 0779210579 0770734812 වලින් දිනෙන් දින දුරකතන ඇමතුම් සහ Whtsapp Messages හරහා තර්ජනයට ලක් කරති. මා විසින් මේ සදහා මා පදිංචි වසමට අයත නුවරඑළිය පොලිස් ස්ථානය 2025.10.09 දින වෙත ගොස් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න ගිය අවස්ථාවේ CCID හට මේ ප්‍රකාශ කරනන මෙන් දැන්වූ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වන බව දැන්වූයෙමි. මේ හේතුවෙන් මාගේ දිවි එපා වී සහ දැඩි පීඩනයකින් පසුවන්නෙමී. අධ්‍යක්ෂකතුමනි ඔබගේ කාරුණික අවධානය යොමු කර මෙම ප්‍රශ්නයට මා හට හැකි ඉක්මනින් සාධාරණයක් කර දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — October 15, 2025

මේ පිලිබදව සොයා බලා අප් ඔබ හා සම්බන්ද වෙන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්