TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📄 புகார் விவரங்கள்

சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.

>> Monigo

📅 புகார் தேதி: August 16, 2025

📁 வகை: Loan Harassment

👤 புகார் அளித்தவர்: W.d.d. chathuranga

💰 சர்ச்சைக்குரிய தொகை: 101000.00

මා විසින් මොනිගෝ ආයතනයෙන් රු101000ක ණය මුදලක් ලබාගත් අතර එය ලබා ගත්තේ මා විවාහ වීමට සිටි තරුණියට ඉඩමක් අරන් දීමට වන අතර ඉන් පසුව මාහට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රු101000 මුදල දක්වා ණය ලබා ගන්නා ලදී. මා හට මෙම ගාස්තුව ගෙවන ලෙස සහ මාහට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මාහට ඊමේල් පණිවුඩ එවමින් සිටී. ඒවාද මෙයට අමුණා ඇත. මාසිකව රු.32000 ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන්නම් කියා කෞශල්‍යා නැමැත්තියක් මාගේ රාජකාරී ස්ථානයට ඇමතූ අතර ඇය පැවැසූ පරිදි එම ගෙවීම ඇමතුම ලබාදුන් දිනට පසු දින කරන ලෙස මාහට කියූ අතර මා විසින් පසුදින ගෙවීම් කරන්නට ප්‍රමාණවත් මුදලක් නොමැති බවත් මාගේ වැටුප් ලැබෙන්නේ මෙම මස 26 වෙනිදා බවත් එදින එම මාසික මුදල දැමිය හැකි බවත් මා විසින් පැවසීමි. නමුත් එවිට ඇය පැව්සුවේ එදිනට ගෙවීම් කල නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය දිනට ගෙවීම් කරන ලෙසය. මා විසින් ඔවුන්ගේ පාරිභෝගික අංශයට අමතා මාහට ගෙවීම් කිරිමට මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන ලෙසත් ඉල්ලීමි. ඔවුන් එම එක ඉල්ලීමක්වත් තඹයකට මායිම් නොකර මාහට එරෙහිව ක්‍රියාමාර්ග/ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් ඊමේල් පණිවුඩ එවයි. තවද මා විසින් මොවුන්ට මෙම මස රු10000ක් බැංකු ගිනුමට බැර කලේ ණය මුදලින් අඩු කිරීම සදහායි. එයද මොවුන් විසින් අඩු නොකොට තවත් එක් දහස් ගනනක් වැඩිපුර එකතු කොට තිබුනි. මේ වන විට ඔවුන් ගෙවන්න් යැයි කියන මුදල රුපියල් එක්ලක්ශ අසූ දහසකට අධිකය. මොවුන්ගේ අසාධාරන පොලී අනුපාත හේතුවෙන් මාහට මෙය ගෙවිය නොහැක. මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දුන්නොත් පමණක් ගෙවිය හැක. තවද මාහට මොවුන්ගේ මුදල් ලබාගෙන වංචා කිරීමට කිසිදු අරමුණක් නොමැති අතර මා හටද අවශ්‍යය මෙම ණය මුදල එක්වර ගෙවිය නොහැකි නිසා මාසික ගෙවීමේ ක්‍රමයට ගෙවා දැමීමටය. මා හට මෙම උගුලෙන් ගැලවීමට පිහිට වන්න. ස්තූතියි!

💬 பொது கருத்துகள் (1)
avatar
trustbridge.lk — August 18, 2025

අනිවාර්‍යෙන් මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.එයාලාට එහෙම එක වරම මුදල් ඉල්ලන්න බෑ.එයාලා එහෙම කරනවා නම් කිසිදු මුදලක් ගෙවන්න එපා.මම ඔබට නොමිලේ නීති සහය ලබා දෙන්නම්.එයාලට නඩු දානව නම් දාන්න කියන්න.

✍️ ஒரு கருத்தை இடுகையிடுங்கள்
🔒
உங்கள் தனியுரிமையை நாங்கள் பாதுகாப்போம்.
உங்கள் தொடர்புத் தகவல் பொதுவில் காட்டப்படாது மேலும் உங்களைத் தொடர்புகொள்வதற்கு மட்டுமே நாங்கள் பயன்படுத்துவோம்.
நீங்கள் தொடர்புடைய ஆதாரங்களை பதிவேற்றலாம்., படங்கள், ஆடியோ பதிவுகள் அல்லது ஆவணங்கள் போன்றவற்றை நீங்கள் பதிவேற்றலாம். நீங்கள் பல கோப்புகளைத் தேர்ந்தெடுக்கலாம்.
கோப்பு எதுவும் தேர்ந்தெடுக்கப்படவில்லை
🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்