📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 16, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: W.d.d. chathuranga
💰 Disputed Amount: 101000.00
මා විසින් මොනිගෝ ආයතනයෙන් රු101000ක ණය මුදලක් ලබාගත් අතර එය ලබා ගත්තේ මා විවාහ වීමට සිටි තරුණියට ඉඩමක් අරන් දීමට වන අතර ඉන් පසුව මාහට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රු101000 මුදල දක්වා ණය ලබා ගන්නා ලදී. මා හට මෙම ගාස්තුව ගෙවන ලෙස සහ මාහට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මාහට ඊමේල් පණිවුඩ එවමින් සිටී. ඒවාද මෙයට අමුණා ඇත. මාසිකව රු.32000 ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන්නම් කියා කෞශල්‍යා නැමැත්තියක් මාගේ රාජකාරී ස්ථානයට ඇමතූ අතර ඇය පැවැසූ පරිදි එම ගෙවීම ඇමතුම ලබාදුන් දිනට පසු දින කරන ලෙස මාහට කියූ අතර මා විසින් පසුදින ගෙවීම් කරන්නට ප්‍රමාණවත් මුදලක් නොමැති බවත් මාගේ වැටුප් ලැබෙන්නේ මෙම මස 26 වෙනිදා බවත් එදින එම මාසික මුදල දැමිය හැකි බවත් මා විසින් පැවසීමි. නමුත් එවිට ඇය පැව්සුවේ එදිනට ගෙවීම් කල නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය දිනට ගෙවීම් කරන ලෙසය. මා විසින් ඔවුන්ගේ පාරිභෝගික අංශයට අමතා මාහට ගෙවීම් කිරිමට මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන ලෙසත් ඉල්ලීමි. ඔවුන් එම එක ඉල්ලීමක්වත් තඹයකට මායිම් නොකර මාහට එරෙහිව ක්‍රියාමාර්ග/ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් ඊමේල් පණිවුඩ එවයි. තවද මා විසින් මොවුන්ට මෙම මස රු10000ක් බැංකු ගිනුමට බැර කලේ ණය මුදලින් අඩු කිරීම සදහායි. එයද මොවුන් විසින් අඩු නොකොට තවත් එක් දහස් ගනනක් වැඩිපුර එකතු කොට තිබුනි. මේ වන විට ඔවුන් ගෙවන්න් යැයි කියන මුදල රුපියල් එක්ලක්ශ අසූ දහසකට අධිකය. මොවුන්ගේ අසාධාරන පොලී අනුපාත හේතුවෙන් මාහට මෙය ගෙවිය නොහැක. මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දුන්නොත් පමණක් ගෙවිය හැක. තවද මාහට මොවුන්ගේ මුදල් ලබාගෙන වංචා කිරීමට කිසිදු අරමුණක් නොමැති අතර මා හටද අවශ්‍යය මෙම ණය මුදල එක්වර ගෙවිය නොහැකි නිසා මාසික ගෙවීමේ ක්‍රමයට ගෙවා දැමීමටය. මා හට මෙම උගුලෙන් ගැලවීමට පිහිට වන්න. ස්තූතියි!
අනිවාර්‍යෙන් මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.එයාලාට එහෙම එක වරම මුදල් ඉල්ලන්න බෑ.එයාලා එහෙම කරනවා නම් කිසිදු මුදලක් ගෙවන්න එපා.මම ඔබට නොමිලේ නීති සහය ලබා දෙන්නම්.එයාලට නඩු දානව නම් දාන්න කියන්න.